ඇතැම් අවස්ථාවලදී චිත්‍රපට කණ්ඩායම්වල කාර්මික ශිල්පීන්ට කිසියම් අද්භූත බලවේග වල ක්‍රියාකාරකම් නිසා බරපතළ තුවාල පවා සිදුවී තිබෙනවා. නළු නිළියන්ට අධ්‍යක්ෂවරුන්ට ඇතුළු අනෙකුත් ශිල්පීන්ට ගෙන එන කෑම බීම සිතාගත නොහැකි ලෙස බිම විසුරුවා දැමීම, නාන කාමර අසල අදෘශ්‍යමාන පුද්ගලයන් ගැවසීම වැනි සිදුවීම් රමොජි චිත්‍රාගාරය තුළ නිතරම සිදුවෙනවා.
බොලිවුඩ්පුරය තුළ අදෘශ්‍යමාන බලවේග ක්‍රියාත්මක වෙන්නේ රමොජි චිත්‍රාගාරය තුළ පමණක් නොවෙයි. වෙනත් ප්‍රදේශවල ද එවැනි සිදුවීම් ඉඳහිට සිදුවෙනවා. මේ දිනවල රූපගත කෙරෙන ‘ආත්මා’ චිත්‍රපටයේ දර්ශන තලයකදීත් එවැනි සිදුවීම් කිහිපයක් ‘හොල්මන්’ කරලා.
සුපාන් වර්මා අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ බිපාෂා බාසු සහ නවාසුඩින් සිද්දික්. මේ සියලු දෙනා ම මීට දෙසතියකට පමණ උඩදී මුම්බායි නගරය තුළ පිහිටි වාෂි නම් වූ ප්‍රදේශයට පිටත්ව ගියා. ඒ, එම ප්‍රදේශයේ තිබෙන කාර්යාල සංකීර්ණයකදී ‘ආත්මා’ චිත්‍රපටයේ දර්ශන කිහිපයක් රූපගත කරන්නයි.
කාර්යාල සංකීර්ණයේ එක්තරා කාමරයක් තෝරාගත් අධ්‍යක්ෂවරයා, ප්‍රධාන නළු නවාසුඩින් සිද්දික් රඟන දර්ශනයක් රූපගත කරන්නට සූදානම් වුණා. නවාසුඩින්ට පිටුපසින් තිබූ බිත්තියේ තරමක විශාල ඡායාරූපයක් රැඳී තිබුණා.
එය හොඳින් රදවා තිබෙන බව අධ්‍යක්ෂවරයා දුටුවා. ප්‍රධාන නළුවාට රඟපාන්න උපදෙස් දුන් අධ්‍යක්ෂ සුපාන්, ‘ඇක්ෂන්’ යැයි හඬ නගද්දී කැමරා ශිල්පියා කැමරාව ක්‍රියාත්මක කළා. දර්ශනය හොඳින් රූපගත වෙමින් තිබෙද්දී බිත්තියේ එල්ලා තිබුණු ඡායාරූපය හදිසියේ බිම වැටී වීදුරු බිඳී ගියා. කාටත් එය පුදුමයක් වුණේ ඒ මොහොතේ දී කිසිදු සුළං පහරක් හෝ කාමරයෙන් හමා නොගිය නිසයි. බිත්තියේ හොඳින් රඳවා තිබුණු ඡායාරූපය හදිසියේ බිමට වැටුණේ ඇයි දැයි කිසිවෙකුට තේරුම් ගත හැකි වුණේ නැහැ.
තවත් අවස්ථාවකදී එළිමහන් දර්ශනයක් රූපගත කරන්නට සියලු දෙනාම සූදානම් වුණා. දර්ශනයේ රඟපෑවේ නවාසුඩින් සහ බිපාෂා බාසු. කැමරාව ක්‍රියාත්මක වුණා. නළු නිළි දෙපළ දෙබස් කිහිපයක් මුමුනමින් ඉදිරියට ගමන් කරමින් සිටියා. ඒ දෙබස් ශ්‍රවණය කළ යුතු නිසා අධ්‍යක්ෂවරයා හෙඩ්ෆෝන් එකක් පැලඳගෙනයි සිටියේ.
තත්පර කිහිපයක් යද්දී කිසියම් කාන්තාවක් ගීතයක් ගායනා කරනු අධ්‍යක්ෂවරයාගේ දෙසවනට පතිත වුණා. වහාම දර්ශනය රූපගත කිරීම නවතා දැමූ ඔහු, හෙඩ්ෆෝනය ද ගලවා ගී ගයන්නේ කවුරුන්දැයි සොයා බැලුවා. ළඟපාතක කිසිදු කාන්තාවක් සිටියේ නැහැ.
“කිසිම කෙනෙක් හිටියෙ නැති නිසා මම පටිගත කිරීමේ ශිල්පියාට කිව්වා, පටිගත වුණ කොටස ආයෙමත් වාදනය කරන්න කියලා. එයා ආපහු වාදනය කළත් කලින් ඇහුණ සින්දුව පටිගත වෙලා තිබුණේ නැහැ. බිපාෂාටත් මේ සින්දුව යාන්තමින් ඇහිලා තියෙනවා. තාමත් අපිට හොයා ගන්න බැරි වුණා සින්දු කිව්වෙ කවුද කියලා” අධ්‍යක්ෂවරයා විමතිය රැඳුණු මුහුණින් යුතුව කියා සිටියා.
Source : Silumina
More Photos Click









No comments:
Post a Comment