වර්තමානයේ
මිනිසාට ඕනෑ ම දෙයක් ලබා ගැනීමට පුළුවන්කම පවතී. එය හොඳින් ද නරකින් ද යනු වෙන ම ප්රශ්නයකි. බොහෝ නිවෙස්වල විසිත්ත කාමරයේ
පවතින විලාසිතා භාණ්ඩ හා නව
තාක්ෂණික
උපකරණවලින් ස්වයංපෝෂිතව ඇත. එහෙත් ඔවුන්ට ලබාගත නොහැකිව තැවෙන එකම එක දෙයක් ඇත. ඒ සතුටයි. ඕනෑම කෙනෙකුගේ පපුවට තට්ටු කර “ඔබේ පවුලේ එක ම එක රෝගියෙක්වත්
නැද්දැ”යි ඇහුවොත් “එක්කෙනෙක් නොවෙයි කීප දෙනෙක් ම ඉන්නවා” යැයි පිළිතුරු ලැබෙනු
ඇත.
මේ පෘථිවිය
පුරා ජීවත්වන මිනිසුන්ට වඩා පෘථිවියත් අවකාශයත් පුරා සැරිසරන අමනුෂ්‍යයෝ බොහෝය. දිනපතා මිනිසා කෙරෙහි වෛරයෙන් අමනාපයෙන් මරණයට
පත් වන තිරිසන් සතුන් බොහෝය.
ඔවුන්ගෙන්
කොටසක් කර්මානුරූපව, මිනිසුන් වී උපදිති. ඒ මිනිසුන් තුළින් වඩාත් ක්‍රියාත්මක වන්නේ ද සමීප භවයෙන් තමන් තුළ පැවති තිරිසන්
ගතිමය. මිනිස්සු වෙනත්
කිසිවෙකුට
නොදැනෙන්නට නොපෙනෙන්නට බොහෝ වැරදි වැඩ කරති. ඒවා ලෝකයට රහස් නොවේ. ඒ අර අපේ පියවි ඇසින් ඔබ්බට ජීවත්වන බොහෝ සත්ත්වයන්ට ඒවා
පෙනෙන නිසාය. දැනෙන නිසාය.
එවැනි දේවල්
පිළිබඳ පණිවුඩය මිනිස් ලොව සිට භවාග්‍රය දක්වා ගමන් කරන්නට ගතවන්නේ ක්ෂණයකි. තත්පරයටත් වඩා අඩු කාලයකි.
මිනිස්සු මේ
මිනිස් භවය ලබන්නේ ඉතාමත් කලාතුරකින් ලැබෙන අවස්ථාවකිනි. එය පොත පතෙහි සඳහන් වන්නේ කණ (එකැස්) කැස්බෑවෙකු මුහුදු රළ පතර අතරෙහි
පාවෙන විය සිදුරකින් අහස
දකින්නාක් වැනි
ඉතා අපහසු දුර්ලභ සිතා ගන්නටත් බැරි තරම් විරල අවස්ථාවක් ලෙසය. මෙසේ උපදින මිනිසා උපන් දා සිටම සිදු කරනු ලබන්නේ ආත්මාර්ථයන්
ඉටු කැර ගැනීමේ අවශ්‍යතාව
සඳහා ක්‍රියාකාරකම්ය.
තමන්ගේ වාසියට වැඩ කරන්නට යෑම නිසා තරහව,
ඊර්ෂ්‍යාව, ලද දෙයින් සෑහීමට පත් නොවීම නිසා සතුරන් ඇති කැර ගනියි.
අනුන්ට පාඩු කිරීමට, පළිගැනීමට
කටයුතු කැර
ගනියි. තමන් අමනාප පුද්ගලයාගෙන් පළි ගන්නට බැරි තැන ඔහුගේ දේපළ වස්තු සම්පත්වලට හානි කරයි. පැහැර ගනියි. ඔහුගේ දූ දරුවන්ගෙන්
පළිගනියි. මෙවැනි තත්ත්වයන්
මිනිස්සු අතර
පමණක් අපේ පියවි ඇසට නොපෙනෙන ලෝකයේ ද සිදු වෙති.
සුනීතා කෑගල්ල
ප්‍රදේශයේ පදිංචි කාරියකි. වයස අවුරුදු හතළිස් පහක් පමණ වේ. ඇගේ ඇඟපත රුදාව සමඟ දරුණු හිසරදයක් වැලඳීම නිසා මහත් පීඩා
වින්දාය. වෛද්‍ය ප්රතිකාරවලින්
කිසිදු සුවයක්
ලැබුණේ ද නැත. ඇගේ රැකියාව හෙවත් ආදායම් මාර්ගය වූයේ ද දේවාලයක් පවත්වාගෙන යෑමය. ඇය උදේ හවස පහන් දල්වමින් සුවඳ දුම්
අල්වමින් යාතිකා කරමින් අනුන්
සුවපත් කරන්නට
කටයුතු කළ ද දෙවියන්ගෙන්වත් පිහිටක් ලැබුණේ නැත. සුනීතාගේ සැමියා ඇය ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා කැඳවාගෙන ආවේය. එහිදී ඇය ප්‍රලය
වූවාය. භූතදෝෂවලින් පෙළෙන වෙනත් අය මෙන් දැඟළුවේ ද
කෑගැසුවේ ද නැත. ඉතා ශාන්තව ගුප්තාත්මය ආවේශ විය. ගුප්තාත්මය ම කතාව ආරම්භ කළේ ය.
”නමස්කාරම්! නමස්කාරම්!”