ඇමෙරිකාවේ ඔක්ලහෝමා ප්‍රදේශයේ වෙසෙන මේ ‘බුල්ඩෝග්’ චණ්ඩියාට කිසිදා අමතක නොවන වේදනාකාරී පාඩමක් ඉගැන්වීමට ඉත්තෑවකු සමත් වුණා. තම හිමිකරුවාගේ ඉඩමට පැමිණීමට තරම් එඩිතරවූ ඉත්තෑවෙකුට තම ප්‍රබලකම ප්‍රදර්ශනය
කිරීමට උත්සාහ දැරූ ‘බෙලා මේ’ නමැති සුනඛයා ප්‍රමුඛ තවත් සුනඛයන් කීපදෙනකුටම ඉදිකටු වැනිවූ ඉත්තෑකූරු ප්‍රහාරයකට ලක්වීමට සිදුවුණා. බෙලාගේ
මුහුණේ හා ශරීරයේ පමණක් ඉත්තෑකූරු පන්සියයක් පමණ තිබි
ඉවත් කිරීමට පශු වෛද්‍යවරුන්ට සිදුවිය.
ඉත්තෑකූරු ඉවත්
කළද ඉන් ඇතිවූ වේදනාව නම් මේ සුනඛ සුරතලා වෙතින් පහව යාමට ඉක්මන් නොවනු ඇති බවයි පැවසෙන්නේ.
Source : Lakbima
No comments:
Post a Comment