Your Ad Here

Saturday, August 25, 2012

චරිතය හොදනම් හතුරෙකුගේ නිර්මාණයක වුණත් මං රඟපානවා

 නදීෂා හේමමාලි කියන්නේ ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ වගේම සිනමාව තුළත් තමන්ගේ දක්ෂතා පෙන් වූ නිළියක්. ඇගේ රංගනය ගැන වගේම ඇය ගැනත් විවිධ පුවත් කතා බහට ලක්වූ අවස්ථා තිබුණා. පසුගියදාක නදීෂා තමන්ගෙම වබේ අඩවියක් ආරම්භ කළා. ඒ ගැන කතා කරන්න වගේම ඇගේ රංගන ජීවිතයේ හා පෞද්ගලික ජීවිතයේ තොරතුරු කතා කරන්නත් හිතාගෙන අපි නදීෂාට කතා කළා.

මුලින්ම අපි නදීෂගේ වෙබ් අඩවිය ගැන කතා කරමු.
මම ගැන නිවැරදිව තොරතුරු මගේ රසික හිතවතුන්ට හිතවතියන්ට කියන්න, ඒ අයට මාත් එක්ක කතා බහ කරන්න අවස්ථාව උදා කරන්න තමයි මේ වබේ අඩවිය පටන් ගත්තේ. www.nadeeshahemamali.com තුළින් මගෙ වබේ අඩවියට පිවිසෙන්න පුළුවනි. කියන්න සතුටුයි මාධ්‍යයන් තුළ 5,49448දෙනකුගෙන් ප්‍රතිචාර ලැබිල තියෙනවා.


ඉදිරි සැලසුම් අතර තවත් මේ වගේ විවිධ කටයුතු කාරණා ඇති.?
ටෙලි
නාට්‍යයකුයි චිත්‍රපටයකුයි නිෂ්පාදනය කරන්න අදහසක් තියෙනවා. ඉදිරියේදී ඒ දෙකම සිදුවේවි. දැනට සුදුසු කතා තේමා තෝරා ගනිමින් ඉන්නේ.

ඒ දෙකේම ප්‍රධාන චරිත නදීෂාද
?
අනිවාර්යයෙන්ම
ඔව්. ඕනෑම නළුවෙක් නිළියෙක් කැමතියි තමන් ආශා කරන තමන්ට ගැළපෙන චරිතයක් රඟපාන්න. තමන්ම නිෂ්පාදනයක් කරලා ඒ නිර්මාණයේ තමන් කැමති විදියේ චරිතයක් රඟපාන්න අවස්ථා උදා කර ගැනීම වරදක් නැහැනේ.

‘ආත්මා’ දර්ශන තලයේ හොල්මන්

රමොජි චිත්‍රාගාරය බොලිවුඩ් සිනමා ලෝකයේ ප්‍රසිද්ධ වී ඇත්තේ චිත්‍රපට රූපගත කිරීම්වලට ඔබින චිත්‍රාගාරයක් හැටියටම විතරක් නොවෙයි. අද්භූතජනක සිදුවීම්වලටත් ප්‍රසිද්ධ ස්ථානයක් හැටියටයි. මෙහි චිත්‍රපට රූපගත කිරීම් සිදු කරද්දී නොයෙකුත් අනතුරු සිදුවී තිබෙනවා. පොඩි පහේ අනතුරු නොවෙයි.
ඇතැම් අවස්ථාවලදී චිත්‍රපට කණ්ඩායම්වල කාර්මික ශිල්පීන්ට කිසියම් අද්භූත බලවේග වල ක්‍රියාකාරකම් නිසා බරපතළ තුවාල පවා සිදුවී තිබෙනවා. නළු නිළියන්ට අධ්‍යක්ෂවරුන්ට ඇතුළු අනෙකුත් ශිල්පීන්ට ගෙන එන කෑම බීම සිතාගත නොහැකි ලෙස බිම විසුරුවා දැමීම, නාන කාමර අසල අදෘශ්‍යමාන පුද්ගලයන් ගැවසීම වැනි සිදුවීම් රමොජි චිත්‍රාගාරය තුළ නිතරම සිදුවෙනවා.
බොලිවුඩ්පුරය තුළ අදෘශ්‍යමාන බලවේග ක්‍රියාත්මක වෙන්නේ රමොජි චිත්‍රාගාරය තුළ පමණක් නොවෙයි. වෙනත් ප්‍රදේශවල ද එවැනි සිදුවීම් ඉඳහිට සිදුවෙනවා. මේ දිනවල රූපගත කෙරෙනආත්මාචිත්‍රපටයේ දර්ශන තලයකදීත් එවැනි සිදුවීම් කිහිපයක් හොල්මන්කරලා.
සුපාන් වර්මා අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ බිපාෂා බාසු සහ නවාසුඩින් සිද්දික්. මේ සියලු දෙනා ම මීට දෙසතියකට පමණ උඩදී මුම්බායි නගරය තුළ පිහිටි වාෂි නම් වූ ප්‍රදේශයට පිටත්ව ගියා. ඒ, එම ප්‍රදේශයේ තිබෙන කාර්යාල සංකීර්ණයකදී ආත්මාචිත්‍රපටයේ දර්ශන කිහිපයක් රූපගත කරන්නයි.
කාර්යාල සංකීර්ණයේ එක්තරා කාමරයක් තෝරාගත් අධ්‍යක්ෂවරයා, ප්‍රධාන නළු නවාසුඩින් සිද්දික් රඟන දර්ශනයක් රූපගත කරන්නට සූදානම් වුණා. නවාසුඩින්ට පිටුපසින් තිබූ බිත්තියේ තරමක විශාල ඡායාරූපයක් රැඳී තිබුණා.

සිද්ධාර්ත් තාමත් දීපිකා ළඟ...


සුරූපී යොවුන් නිළි දීපිකා පදුකෝන් ගේ සැබෑ ආදර කතා සිනමා රසික රසිකාවියන්ට රහස් නොවෙයි. 2008 දී බච්නා ඒ හසිනෝචිත්‍රපටය රූපගත වෙද්දී දීපිකාට යොවුන් නළු රන්බීර් කපූර්ව මුණ ගැසුණා. එතැනින් පසුව රන්බීර් සහ දීපිකා ගේ පෙම් පුවත් දිග හැරුණේ බොලිවුඩ්පුරයම වර්ණවත් කරමින්. නමුත් 2010 දී සිද්ධාර්ත් මාල්යා නම්වූ ධනවත් යෞවනයා මුණ ගැසුණායින් පසුව දීපිකා, රන්බීර්ගෙන් සමුගත්තා. සිද්ධාර්ත්, ලෝක ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයෙකු වන විජේ මාල්යා ගේ පුත්‍රයායි. සිද්ධාර්ත් සමඟ පෙමින් බැඳි අහස් මාලිගා තැනූ දීපිකා, ඔහුගෙන් වෙන්වුණේ මේ වසරේ මුල් කාලයේදියි. දීපිකා තමන්ව හැරගිය පසුව වෙනත් යුවතියකට පෙම් කරන්න සිද්ධාර්ත් උනන්දු වුණේ නැහැ. මීට මාස කිහිපයකට කලින් ලැබුණු ආරංචියකින් කියවුණේ ඔහු පූජක දිවියට ඇතුළත් වූ බවයි.

ඒ බව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ඒ විතරක් නොවෙයි. මට දැන් පල්ලියේ පූජකයෙකු වෙන්න අවසර ලැබිලා. ගරු මාල්යා පියතුමා කියලත් මාව දැන් අමතන්න පුළුවන්යැයි ඔහු පවසා තිබුණා.
මේ ආරංචිය පැතිරී ගොස් සති කිහිපයකට පසුව නැවතත් රන්බීර් සහ දීපිකා පටලවා නොයෙකුත් කට කතා පැතිරෙන්නට පටන්ගත්තා. දීපිකා - රන්බීර් පැරණි පෙම යළි අලුත් වී ඇතැයි ඒ කට කතාවලින් කියැවුණා.
නමුත්, රන්බීර් කියා සිටියේ තමන් සහ දීපිකා අතර තිබෙන්නේ ප්‍රේම සම්බන්ධයක් නොව හිතවත්කමක් පමණක් ය කියලයි. ඔය අතරේ දී සිද්ධාර්ත් මාල්යා ද දීපිකා ගැන කතා කර තිබුණා. ඉන්දීය වෙබ් අඩවියකට ප්‍රකාශයක් කළ සිද්ධාර්ත් පැවසුවේ දීපිකා සහ තමන් අතර කිසිදු අමනාපයක් නැති බවයි.

සාස්තර අහන්න එද්දි ඒ අයත් එක්ක භූතයෙක් එනවා


වර්තමානයේ මිනිසාට ඕනෑ ම දෙයක් ලබා ගැනීමට පුළුවන්කම පවතී. එය හොඳින් ද නරකින් ද යනු වෙන ම ප්‍රශ්නයකි. බොහෝ නිවෙස්වල විසිත්ත කාමරයේ පවතින විලාසිතා භාණ්ඩ හා නව තාක්ෂණික උපකරණවලින් ස්වයංපෝෂිතව ඇත. එහෙත් ඔවුන්ට ලබාගත නොහැකිව තැවෙන එකම එක දෙයක් ඇත. ඒ සතුටයි. ඕනෑම කෙනෙකුගේ පපුවට තට්ටු කර ඔබේ පවුලේ එක ම එක රෝගියෙක්වත් නැද්දැයි ඇහුවොත් එක්කෙනෙක් නොවෙයි කීප දෙනෙක් ම ඉන්නවායැයි පිළිතුරු ලැබෙනු ඇත.
මේ පෘථිවිය පුරා ජීවත්වන මිනිසුන්ට වඩා පෘථිවියත් අවකාශයත් පුරා සැරිසරන අමනුෂ්‍යයෝ බොහෝය. දිනපතා මිනිසා කෙරෙහි වෛරයෙන් අමනාපයෙන් මරණයට පත් වන තිරිසන් සතුන් බොහෝය. ඔවුන්ගෙන් කොටසක් කර්මානුරූපව, මිනිසුන් වී උපදිති. ඒ මිනිසුන් තුළින් වඩාත් ක්‍රියාත්මක වන්නේ ද සමීප භවයෙන් තමන් තුළ පැවති තිරිසන් ගතිමය. මිනිස්සු වෙනත් කිසිවෙකුට නොදැනෙන්නට නොපෙනෙන්නට බොහෝ වැරදි වැඩ කරති. ඒවා ලෝකයට රහස් නොවේ. ඒ අර අපේ පියවි ඇසින් ඔබ්බට ජීවත්වන බොහෝ සත්ත්වයන්ට ඒවා පෙනෙන නිසාය. දැනෙන නිසාය. එවැනි දේවල් පිළිබඳ පණිවුඩය මිනිස් ලොව සිට භවාග්‍රය දක්වා ගමන් කරන්නට ගතවන්නේ ක්ෂණයකි. තත්පරයටත් වඩා අඩු කාලයකි.
මිනිස්සු මේ මිනිස් භවය ලබන්නේ ඉතාමත් කලාතුරකින් ලැබෙන අවස්ථාවකිනි. එය පොත පතෙහි සඳහන් වන්නේ කණ (එකැස්) කැස්බෑවෙකු මුහුදු රළ පතර අතරෙහි පාවෙන විය සිදුරකින් අහස දකින්නාක් වැනි ඉතා අපහසු දුර්ලභ සිතා ගන්නටත් බැරි තරම් විරල අවස්ථාවක් ලෙසය. මෙසේ උපදින මිනිසා උපන් දා සිටම සිදු කරනු ලබන්නේ ආත්මාර්ථයන් ඉටු කැර ගැනීමේ අවශ්‍යතාව සඳහා ක්‍රියාකාරකම්ය. තමන්ගේ වාසියට වැඩ කරන්නට යෑම නිසා තරහව, ඊර්ෂ්‍යාව, ලද දෙයින් සෑහීමට පත් නොවීම නිසා සතුරන් ඇති කැර ගනියි. අනුන්ට පාඩු කිරීමට, පළිගැනීමට කටයුතු කැර ගනියි. තමන් අමනාප පුද්ගලයාගෙන් පළි ගන්නට බැරි තැන ඔහුගේ දේපළ වස්තු සම්පත්වලට හානි කරයි. පැහැර ගනියි. ඔහුගේ දූ දරුවන්ගෙන් පළිගනියි. මෙවැනි තත්ත්වයන් මිනිස්සු අතර පමණක් අපේ පියවි ඇසට නොපෙනෙන ලෝකයේ ද සිදු වෙති.
සුනීතා කෑගල්ල ප්‍රදේශයේ පදිංචි කාරියකි. වයස අවුරුදු හතළිස් පහක් පමණ වේ. ඇගේ ඇඟපත රුදාව සමඟ දරුණු හිසරදයක් වැලඳීම නිසා මහත් පීඩා වින්දාය. වෛද්‍ය ප්‍රතිකාරවලින් කිසිදු සුවයක් ලැබුණේ ද නැත. ඇගේ රැකියාව හෙවත් ආදායම් මාර්ගය වූයේ ද දේවාලයක් පවත්වාගෙන යෑමය. ඇය උදේ හවස පහන් දල්වමින් සුවඳ දුම් අල්වමින් යාතිකා කරමින් අනුන් සුවපත් කරන්නට කටයුතු කළ ද දෙවියන්ගෙන්වත් පිහිටක් ලැබුණේ නැත. සුනීතාගේ සැමියා ඇය ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා කැඳවාගෙන ආවේය. එහිදී ඇය ප්‍රලය වූවාය. භූතදෝෂවලින් පෙළෙන වෙනත් අය මෙන් දැඟළුවේ ද කෑගැසුවේ ද නැත. ඉතා ශාන්තව ගුප්තාත්මය ආවේශ විය. ගුප්තාත්මය ම කතාව ආරම්භ කළේ ය.
නමස්කාරම්! නමස්කාරම්!

Friday, August 24, 2012

බලාගෙනයි, කුණාටුවකට කලින් මුහුද හරිම නිහඬයි


- සේනක විජේසිංහ

රංගනය, සටන් කලාව, දේශපාලනය යන ක්ෂේත්‍රවල වරින් වර සිය භූ®මිකාව රඟ දක්වමින් ප්‍රේක්ෂක හදවත් හි රැඳුණු චරිතයක් වන සේනක විජේසිංහ මෑත කාලයේ අපේ නෙත් මානයෙන් ඈත් වූ බවක් දැනෙන්නට විය. මේ පිළිබඳවත් ඔහුගේ අනාගත කටයුතු සැලසුම් කර ඇති ආකාරය පිළිබඳවත් ඔහු මෙසේ අපට පැවසීය.
ටික කාලෙක සිට ඔබ නිහඬ ඇයි?
එක කාරණයක් තමයි 2006 දී මට වුණු රිය අනතුරෙන් පසුව වැඩ රාජකාරි විශාල වශයෙන් අඩුවීම. අනෙක සමස්තයක් ලෙස මෙගා නාට්‍ය කලාව නවතීවිය කියා හිතූ නිසා එයට විරෝධය දක්වා වසර පහක් තිස්සේ මගේ ප්‍රධාන ආදායම් මාර්ගයෙන් මට බැහැර වෙන්න සිදුවුණා. ඇත්තම කීවොත් මාව බැහැර කළා. ඒ සමහර විට මා කී දේ වැරදියට තේරුම් ගත් නිසා වන්නත් පුළුවන්.
අනෙක මම අධ්‍යක්ෂණය කළ සටන්, නැටුම් ආදී සියල්ල අයත් ටෙලිනාට්‍ය තුනක් පමණ වසර හත අටක් තිස්සේ එක් නාළිකාවක විකාශය කරගත නොහැකිව මාෆියාවකට කෙනෙහිලිවලට අහුවෙලා නිසාත් මේ දිනවල මාව දකින්න ලැබෙන්නේ නැහැ.
ඊළඟට පිට අධ්‍යක්ෂවරුන්ගේ ටෙලිනාට්‍යවල රඟපෑවත් කරුමෙකට ඒවා විකාශය වන්නේ නෑ. ඒ නිසයි මා නිහඬ යැයි ප්‍රේක්ෂකයන්ට දැනෙන්නේ.
එතකොට ඔබේ සටන් කලාව?

මගේ සැමියා හරිම ආදරවන්තයි

සඳනි සුලක්නා

පුංචි අවදියේම පුංචි තිරය හරහා රංගනයට පිවිසුණු සඳනි මේ වන විට රංගන ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණ ඇත. මේ දිනවල විකාශය වන මලීටෙලිනාට්‍යයේ මදුරංගිගේ චරිතය නිසා සඳනි බොහෝ ප්‍රේක්ෂක ආදරයට ලක්ව සිටින්නීය. පසුගිය දිනක සඳනි තම ජීවිත පොතේ නව පිටුවක් පෙරළුවාය. ඒ පිළිබඳවත් ඇයගේ නවතම තොරතුරු පිළිබඳවත් විමසීමට අපි සඳනි සුලක්ඛනා එක්කර ගතිමු.
සඳනි ඉතින් කොහොමද? මොනවද මේ දවස්වල කරන කලා කටයුතු?
සතුටින් සහ සැහැල්ලුවෙන් මේ දවස්වල කාලය ගෙවනව. පසුගිය දවස්වල මලීටෙලි නාට්‍යයේ රූපගත කිරීම් අවසන් වුණා. සෑහෙන කාලයක් මම මලී ටෙලි නාට්‍යය එක්ක වැඩ කළා. මේ දවස්වල මම වෙනත් කලා කටයුත්තකට සම්බන්ධ වී නැහැ.
මලීටෙලිනාට්‍යයේ මදුරංගිට ගොඩක් දෙනෙක් ආදරය කරන්න ඇති නේද?

Thursday, August 23, 2012

අපි විවාහය‍ මුල් කරගෙන හෝ ‘විඳවමින්’ ජීවත් විය යුතු නැහැ


 නිරෝෂා විරාජිනීට මෙරට සංගීත ක්‍ෂේත්‍රය තුළ හිමි විය යුතු තැන ඇගේ ආදරණීය ප්‍රේක්ෂ්කයින් සේම විචාරකයිනුත් මේ වන විට හිමි කරදී හමාරය. ඇගේ සුවිශේෂී මධුර හඬ, සංගීත ඥානය එක්තැන් කරමින් බිහි වූ ගීත චිරාත් කාලයක් අප සිත් තුළ නින්නාද දෙනු ඇති. එබැවින් අපි නිරෝෂා අපේ කතා බහට එකතු කර ගනිමු.

එළිමහන් ප්‍රසංගවල නිරෝෂා දැන් දකින්න ලැබෙන්නෙ අඩුවෙන්. මොකක් ද මේ පසුබෑම ?
එළිමහන් ප්‍රසංග වටා රොක් වන්නේ නටන්න කැමැති රසික පිරිස්. ශාලා තුළට එන්නේ ගීත රස විඳින්න කැමැති පිරිස්. මං හිතන්නෙ මගෙ ගීත හරියන්නේ ඔය දෙවැනි පිරිසට.
නමුත් ක්‍ෂේත්‍රයට පැමිණි මුල්කාලයේ නම් ඔහොම හිතුවෙ නැහැ නේද ?