Your Ad Here

Saturday, August 25, 2012

සිද්ධාර්ත් තාමත් දීපිකා ළඟ...


සුරූපී යොවුන් නිළි දීපිකා පදුකෝන් ගේ සැබෑ ආදර කතා සිනමා රසික රසිකාවියන්ට රහස් නොවෙයි. 2008 දී බච්නා ඒ හසිනෝචිත්‍රපටය රූපගත වෙද්දී දීපිකාට යොවුන් නළු රන්බීර් කපූර්ව මුණ ගැසුණා. එතැනින් පසුව රන්බීර් සහ දීපිකා ගේ පෙම් පුවත් දිග හැරුණේ බොලිවුඩ්පුරයම වර්ණවත් කරමින්. නමුත් 2010 දී සිද්ධාර්ත් මාල්යා නම්වූ ධනවත් යෞවනයා මුණ ගැසුණායින් පසුව දීපිකා, රන්බීර්ගෙන් සමුගත්තා. සිද්ධාර්ත්, ලෝක ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයෙකු වන විජේ මාල්යා ගේ පුත්‍රයායි. සිද්ධාර්ත් සමඟ පෙමින් බැඳි අහස් මාලිගා තැනූ දීපිකා, ඔහුගෙන් වෙන්වුණේ මේ වසරේ මුල් කාලයේදියි. දීපිකා තමන්ව හැරගිය පසුව වෙනත් යුවතියකට පෙම් කරන්න සිද්ධාර්ත් උනන්දු වුණේ නැහැ. මීට මාස කිහිපයකට කලින් ලැබුණු ආරංචියකින් කියවුණේ ඔහු පූජක දිවියට ඇතුළත් වූ බවයි.

ඒ බව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ඒ විතරක් නොවෙයි. මට දැන් පල්ලියේ පූජකයෙකු වෙන්න අවසර ලැබිලා. ගරු මාල්යා පියතුමා කියලත් මාව දැන් අමතන්න පුළුවන්යැයි ඔහු පවසා තිබුණා.
මේ ආරංචිය පැතිරී ගොස් සති කිහිපයකට පසුව නැවතත් රන්බීර් සහ දීපිකා පටලවා නොයෙකුත් කට කතා පැතිරෙන්නට පටන්ගත්තා. දීපිකා - රන්බීර් පැරණි පෙම යළි අලුත් වී ඇතැයි ඒ කට කතාවලින් කියැවුණා.
නමුත්, රන්බීර් කියා සිටියේ තමන් සහ දීපිකා අතර තිබෙන්නේ ප්‍රේම සම්බන්ධයක් නොව හිතවත්කමක් පමණක් ය කියලයි. ඔය අතරේ දී සිද්ධාර්ත් මාල්යා ද දීපිකා ගැන කතා කර තිබුණා. ඉන්දීය වෙබ් අඩවියකට ප්‍රකාශයක් කළ සිද්ධාර්ත් පැවසුවේ දීපිකා සහ තමන් අතර කිසිදු අමනාපයක් නැති බවයි.

මේ ළඟකදී මට දීපිකාව මුණ ගැහුණා. එයා තාමත් එදා වගේ ම බොහොම සුහඳව කතා කළා. ගති ගුණ වෙනස් වෙලා නැහැ. මම ඕනෑම වෙලාවක එයා වෙනුවෙන් ඉන්නවාපූජක දිවියට ඇතුළත් වුණා යැයි කියූ සිද්ධාර්ත් තමයි එලෙස ප්‍රකාශ කර තිබුණේ. ඕනෑම වෙලාවකයන වචන යුගලය ඔහු දෙවරක් ම හැඟුම්බරව ප්‍රකාශ කළා. ඔහු තවදුරටත් කතා කළා.
දීපිකා රඟපාපු කොක්ටේල්චිත්‍රපටය දැන් සාර්ථකව තිරගත වෙනවා. ඒ ගැන සතුටුයි. මම ඒ වෙනුවෙන් දීපිකාට සුබ පතනවා. මම එදත් එයාගෙ සාර්ථකත්වය ගැන අවංක හිතින් සතුටු වුණා. අදත් එහෙමයි. කොක්ටේල්චිත්‍රපටය මට නම් බලන්න බැරිවුණා. දීපිකා කවදත් මහන්සි නොබලා වැඩ කරපු කෙල්ලක්. ඒ මහන්සියේ ප්‍රතිඵල තමයි එයාට මේ ලැබිලා තියෙන්නෙ. දීපිකාට මගේ ආදරේ ඕනෑවෙන ඕනැම වෙලාවක මම එයා ළඟ ඇති.
මේ මොහොතේදී තනිකඩව වෙසෙන්නට තීරණය කර ඇති බවයි සිද්ධාර්ත් පවසන්නේ. පූජක දිවිය ගැන නම් ඔහු කිසිවක් ප්‍රකාශ කළේ නැහැ.

Source : Silumina







 

No comments:

Post a Comment