සූරියවැව බුද්ධි අංශය හෙරොයින් ගොඩකට පනී
සූරියවැව විශේෂ
කාර්‍ය බලකායේ බුද්ධි අංශ නිලධාරින් විසින් මොරවක පොලිස් බල ප්‍රදේශයේ
දී හෙරොයින් ග්‍රෑම් දෙසීයකට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක්
අත්අඩංගුවට ගෙන ඇත. යතුරු පැදියකින් මෙම හෙරොයින් ප්‍රවාහනය කරමින්
සිටියදී මෙම සැකකරුවන් විශේෂ කාර්‍ය බලකායේ බුද්ධි අංශයට අසු වී ඇත. මෙම
සැකකරුවන් අම්බලන්ගොඩ පළාතේ අපරාධ රැසකට සම්බන්ධ වූවන් බව පොලිස් පරීක්ෂණවලදී
අනාවරණය වී ඇත. දකුණු පළාතේ මෑතකදී අල්ලා ගන්න ලද වැඩිම හෙරොයින්
ප්‍රමාණය මෙය බව පොලිස් ආරංචි මාර්ග පවසයි. සැකකරුවන් මොරවක පොලිසියට
භාර දී ඇත.
Source : Lakbima
No comments:
Post a Comment